NMRA (National Medicines Regulatory Authority) නැතහොත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ, සියලුම වර්ගයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදිත (Borderline Products) නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබෙන ස්වාධීන ආයතනයක්. මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මහජනතාව වෙත එම නිෂ්පාදිත ගුණාත්මක බවින් යුතුව, ආරක්ෂාකාරීව, සහ දැරිය හැකි මිලකට ලබාදීමයි
NMRA සහිතකය කියන්නේ එම නිෂ්පාදිත, ශ්‍රී ලංකාවේ, නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලබාගත යුතු අනිවාර්ය සහතිකයක්. මෙම සහතිකය නිෂ්පාදිතයකට හිමිව තිඛෙනවා කියන්නේ, ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් මෙරට දී සිදුකිරීමට නීතිමය වශයෙන් අවසර තිබෙන බවයි. මෙම NMRA සහිතකය සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී,
නිෂ්පාදන සංයෝග විශේෂ පරික්ෂාවකට ලක්කරන අතර තහනම් හෝ හානිකර සංයෝග අඩංගු නොවන බව තහවුරු කිරීම සිදුකරයි.
නිෂ්පාදිතයේ අමද්‍රව්‍ය, නිෂ්පාදන ක්‍රමවේද සහ ප්‍රමිතීන් සමිබන්ධ ලේඛන පරීක්ෂා කර අදාළ තක්සේරු කිරීම් සිදුකරයි.
රූපලාවන්‍ය නිෂ්පාදන ස්ථානය සඳහා SLSI/SLAB නිල අනුමැතිය සහිතව
ISO 22716/2007 සහතිකය ඉදිරිපත් කළ යුතු අතර, එමගින් නිෂ්පාදිතය, රූපලාවන්‍ය GMP මාර්ගෝපදේශයන් අනුගමනය කරන බවත්, අපවිත්‍රතා, අසමානතා, නිශ්චය කිරීමේ හැකියාව සහ ගුණාත්මක බවේ අසමත්වීම් යනාදියේ අවදානම අවම කරන බවත් සහතික කරනු ලබයි.
මෙම සියලු ක්‍රියාකාරකම් හරහා ව්‍යාජ, නිසි ප්‍රමිතියකින් තොර හෝ අනාරක්ෂිත නිෂ්පාදන
වෙළඳපොළට පැමිණීමට වැට බැඳෙන අතර NMRA සහතිකය ඊට ප්‍රමුඛතම සාධකයයි.
ආයතනයකට මෙම සහතිකය හිමිවීම තුළ, එහි කීර්තිනාමය හා පාරිභෝගික විශ්වාසනීයත්වය ඉහළ නැංවෙන අතර පාරිභෝගිකයාට මෙමගින් වෙළඳ භාණ්ඩය පිළිබඳ සුරක්ෂිතතාවය තහවුරු කරගත හැක.
පාරිභෝගිකයෙකු වශයෙන් ඔබ සෑමවිටම, විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලදී ගැනීමට පෙර එයට NMRA සහතිකය හිමිව ඇත්දැයි හොඳින් බලන්න. ඉන් තහවුරු වන්නේ, එම නිෂ්පාදනය සමස්ථ පරීක්ෂණ ක්‍රියාවලියටම ලක්වීමෙන් අනතුරුව ඔබ අතට පත්වන නිසා ඔබට කිසිදු සැකයකින් තොරව එම නිෂ්පාදනය භාවිතා කිරීමට හැකි බවයි.
NMRA certification refers to approval granted by the National Medicines Regulatory Authority (NMRA) of Sri Lanka.
The National Medicines Regulatory Authority is the government body operating under the Ministry of Health, responsible for regulating medicines, medical devices, cosmetics, and borderline products in Sri Lanka. Its primary responsibility is to ensure that all such products manufactured, imported, distributed, or sold in the country meet national standards of quality, safety, and efficacy, and are safe for public use.
An NMRA certificate is a mandatory legal requirement for any products under the above-mentioned categories, to be manufactured, imported, distributed, or sold in Sri Lanka. Holding this certification confirms that the product has been legally approved and is permitted to be available in the local market.
As part of the NMRA certification process, several strict evaluations are conducted, including:
Ensuring that the product does not contain prohibited, harmful, or unsafe substances.
Detailed examination of formulations, manufacturing methods, specifications, and compliance documentation.
Through these regulatory checks, NMRA certification ensures that substandard, unsafe, or illegally manufactured products do not enter the Sri Lankan market.
For manufacturers and brands, NMRA approval enhances:
For consumers, it provides assurance that:
As a consumer, you are strongly encouraged to check for NMRA certification before purchasing cosmetics or healthcare-related products. This certification confirms that the product has successfully passed all required regulatory and quality assessments before reaching you.